අස්ථි පිළිකා

අස්ථි පිළිකාවේ වඩාත් පොදු රෝග ලක්ෂණය නම් අස්ථි වේදනාවයි. සමහර අය වෙනත් රෝග ලක්ෂණ ද අත් විදියි.

අස්ථි වේදනාව

අස්ථි පිළිකා මගින් ඇති කරන වේදනාව සාමාන්‍යයෙන් බලපෑමට ලක් වූ අස්ථියේ මෘදු මොලොක් ගතියක් සමග ආරම්භ වේ. මෙය ක්‍රමයෙන් දිගුකල් පවතින කැක්කුමක් හෝ එන යන කැක්කුමක් බවට බවට වර්ධනය වන අතර එය රාත්‍රියේදී සහ විවේකයෙන් සිටින විටදී ද අඛන්ඩව පවතී. අස්ථි පිළිකා ඕනෑම අස්ථියකට බලපෑම් සිදුකල හැකි මුත්, බොහෝ අවස්ථාවන්හිදී කකුලේ හෝ අතේ ඉහල කොටසේ දිගු අස්ථි වල වර්ධනය වීම සිදුවේ. මෙම වේදනාව සමහර අවස්ථාවන්හිදී වැඩිහිටියන්ගේ නම් ආතරයිටිස්ලෙසද ළමයින්ගේ හා නව යෞවනයන්ගේ නම් වර්ධනය වන වේදනාවන් ලෙස ද වරදවා තේරුම ගත හැක.

අනෙකුත් රෝග ලක්ෂණ

සමහර අය බලපෑමට ලක් වූ අස්ථිය මත හෝ ඒ අවට ඉදිමුමක් හා රතුවීමක් (ආසාදනයක්) හෝ ගෙඩියක් මතුවීමක් නිරීක්ෂණය වීම අත්විදිය හැක. අස්ථිය සන්ධියක් ආසන්නයේ ඇත්නම්, ඉදිමීම නිසා සන්ධිය භාවිතා කිරීම අපහසු වීමට ඉඩ ඇත. සමහර අවස්ථාවන්හිදී, පිළිකාවට අස්ථි දුර්වල කිරීම නිසා කුඩා තුවාලයකදී හෝ වැටීමකදී පහසුවෙන් එය කැඩීමට (භග්න) හේතුවිය හැක. පොදු නොමැති රෝග ලක්ෂණ පහත ඒවාද ඇතුළුව:

වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවේදී ද

ඔබ හෝ ඔබේ දරුවා දිගුකල් පවතින, දැඩි හෝ ක්‍රමයෙන් නරක අතට පත් වන වේදනාවක් අත්විදියි නම් හෝ ඉහත සදහන් කරන ලද කුමන හෝ රෝගී ලක්ෂණයක් පිලිබඳව ලත වෙයි නම් ඔබගේ වෛද්‍යතුමා හමුවන්න. ඔබගේ රෝග ලක්ෂණ අස්ථි පිළිකාවක් මගින් ඇතිවීමේ අවධානම ඉතා අඩුවිය හැකි වුවත්, නිවැරැදි රෝග හදුනා ගැනීමක් මගින් එය තහවුරු කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.